My Blog List

මහගම සේකර





















මානව සෞන්දර්යවාදී ගීත රචකයා

මහගම සේකර
නොදත්තෙය තමා රුව
අවට මිනිසුන් අතර
යෝධයකු වී නැඟී සිටින බව

නොදත්තෙය තමා හඬ
සුවහසක්‌ රසික සිත් සතන් තුළ
නිධානව ප්‍රතිරාව නඟන බව

මලක්‌ දැක හිනැහෙන
මල යනු කිමැයි නොදැන ම
කුඩා දරුවකු මෙන් විය ඔහු

අඩසිය වසකට ද වඩා අඩු වූ සිය ජීවිතයෙන් නොකල්හි සමුගෙන යන විට මහගම සේකර කවියකු ගීත රචකයකු, චිත්‍ර ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු මෙන්ම සෞන්දර්යය අධ්‍යාපනඥයකු ලෙස ද ඒ ඒ ක්‍ෂේත්‍රයන් හි කීර්තියක්‌ අත්කර ගෙන සිටියේය. ඔහුගේ අවසන් කෘතිය වූ ප්‍රබුද්ධ කාව්‍යයෙන් උපුටා ගත් ඉහත කාව්‍ය ඛන්ඩය අනුව ප්‍රබුද්ධ මෙන්ම සේකර ද සිය දැවැන්ත නිර්මාණකාය පිළිබඳ සැබෑ වැටහීමක්‌ ඇතිව සිටියේ නැත. සේකරගේ නිර්මාණ සමූහය පුළුල් විද්වත් රසික පර්ෂද හමුවට වඩ වඩාත් පැමිණෙන්නට වූයේ ඔහුගේ අභාවයෙන් පසුවය. සිය ජීවිත කාලය තුළදී නොලද අවධානයක්‌ අභාවයෙන් පසුව තම නිර්මාණ වෙනුවෙන් ලැබු සේකර එහිලා කෙරුණු විමර්ශන පසු කාලීන නිර්මාණකරුවන් වෙත අත්වැලක්‌ කොට දුන්නේය. මෙහිලා විමසා බැලෙන්නේ ඔහුගේ රචනා කිහිපයක දැක ගත හැකි විශේෂතාවන් ය. ඔහු ලද ආභාසයන් මෙන්ම ඒවා ඉක්‌මවා යන්නට ඔහු තුළ වූ ශක්‌තිය ද එමගින් පැහැදිලි වෙයි.

තමා ගීත රචකයකු වීම සඳහා පළමු පෙළඹවීම ලැබුවේ බොරැල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවෙහි පැවැත්වුණු ශ්‍රී චද්‍රරත්න මානවසිංහයන්ගේ දේශනයකට සවන් දීමෙන් පසුව බව සේකර සිය ගීත සංග්‍රහයේ පෙරවදනෙහි සඳහන් කරයි. ඒ අනුව සේකරගේ නිර්මාණවල ආරම්භයේදී ඔහු ගෞරවයෙන් සැලකූ පුරෝගාමී කවියකු වන මානවසිංහයන්ගේ රචනාවල ආභාසය දැන ගත හැකි වීම අරුමයක්‌ නොවේ.

අහසේ නිල් පැහැය උරා
මේඝ වළා කඩින් පෙරා
යමුණා ගඟ ඉහළ කොණේ
මල් බර නිල් උපුල් වෙනේ
ඉඳුනිල් මිණි කැට අතරේ
බැස යන සීතල වතුරේ

සේකරගේ මුල් කාලයේ නිර්මාණයකින් උපුටා ගත් ඒ කාව්‍යය ඛණ්‌ඩය මානවසිංහයන්ගේ පහත දැක්‌වෙන කාව්‍ය ඛණ්‌ඩය සමඟ ඇති සමීප නෑකම රූපික ලක්‍ෂණවලට පමණක්‌ නොව කථන ක්‍රමයට ද අදාළ ය.

ඈත එපිට දිගු මඩලේ
මහ කඳු වැටියක අසලේ
නිහඬ පිටිය වනන්තරේ
මහ කළුවර ගස්‌ අතරේ

එමෙන්ම මානවසිංහයන්ගේ ප්‍රකට වෙසක්‌ බැති ගීයක්‌ සමඟ සේකර ලියූ අප්‍රකට වෙසක්‌ බැති ගීයක්‌ ද සස¹ බැලීම සුදුqසු ය.

සෑ මිදුලේ සමන් මලේ
වෙසක්‌ සඳේ කැලුම් මැවේ
සාධු සමාධි ගුණ ගීතයකි විහාරේ
(මානවසිංහ)

විහාර මළුවේ සඳ කැන් දහරේ
අරලිය වදුලේ මල් පොකුරේ
පුහුල් පහන්වල
ගොක්‌ කොළ තොරණේ
සුදු සඳ රැස්‌ - එකසේ පැතිරේ
(සේකර)

මහගමසේකර මුල් කාලයේදී ලියූ ඉහත කී කවි ඇතුළත් වී ඇත්තේ ඔහුගේ අභාවයෙන් පසු පළ වූ "නොපළ ගීත" කෘතියට ය. සේකර ඒවා මුද්‍රණයෙන් පළ නොකරන්නට ඇත්තේ මන්දැයි යන්න පිළිබඳව ද අපගේ සැලකිල්ලට යොමු විය යුතුය. කෙසේ වුවද ඉතා ඉක්‌මනින් තමාට පුරෝගාමී වූ නිර්මාණ අනුව ගිය මංපෙත වෙනස්‌ කළ සේකර, ස්‌වායත්ත ලකුණෙන් යුක්‌ත ස්‌වාධීන කවීත්වය අත්පත් කර ගත්තේය. මානවසිංහයන්ගේ නිර්මාණවල කැපී පෙනෙණ ලක්‍ෂණය වූයේ චමත්කාරයෙන්ම පිරුණු සෞන්දර්යාත්මක ගුණයයි. ඊට මානව සෞන්දර්යය එක්‌කළ සේකර, මානව ජීවිත ඇසුරින් කළ සෞන්දර්යාත්මක විවරණය සිය නිර්මාණවල විශේෂතාව බවට පත් කර ගත්තේය.

මුල් අවධියේ සිය නිර්මාණවල භාෂාධිපත්‍යය, ව්‍යක්‌තභාවය සහ වනි හා ව්‍යඤ්ජන ගුණ පිණිස මහගම සේකර වඩාත් සමීපව ඇසුරු කළේ මහාචාර්ය සරච්චJද්‍රයන්ගේ නිර්මාණ සාහිත්‍යයි. සේකරගේ ප්‍රථම ගී නිර්මාණ ඇතුළත් "ස්‌වර්ණතිලකා" නාට්‍යයේ රචනාවලින් මේ ආභාසය මැනවින් පෙනේ. "ස්‌වර්ණතිලකා" නාට්‍යයේ ස්‌වර්ණතිලකාව දැක්‌මෙන් සිත් කැළඹිල්ලට පත් වන උද්දාල බමුණාගේ සිත, සේකර ගීත ආකෘතියට ගොනු කරන්නේ මෙලෙසිනි.

අන්ද - මන්ද වීය චිත්ත මා
ඇගේ ස්‌වර්ණකාන්තියේන
අන්ද - මන්ද වීය චිත්ත මා
කින්නරාංගනා සමාන
රූපයේන කායයේන
කින්ද මේ වුණේ
නොදැනේ ය මිතුරනේ
(ස්‌වර්ණතිලක)

අන්ද මන්ද වූයේ මසිතා
මෙ පුවතින
කින්ද නොදැනේ මේ අරුමා

(මනමේ)

මනමේ නාට්‍යයට ඇතුළත් ව තිබූ "ප්‍රේමයෙන් මන රංජිත වේ" නම් සුප්‍රකට ප්‍රේම ගීතය සේකර සිය "ස්‌වර්ණතිsලකා" නාට්‍යයේ උද්දාල සහ ස්‌වර්ණතිලකා අතර කැරෙන ප්‍රේම සංවාදය සඳහා ආභාස කොට ගෙන තිබේ.

උද්දාල  - එනු ස්‌වර්ණලතා - එනු ස්‌වර්ණලතා
මට ප්‍රේමයේ ආලෝකය පෑ
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිsලා
සුගන්දේ ආනන්දේ ගෙන එන්නේ
මදන රඟ මණ්‌ඩප පේ කරලා

ස්‌වර්ණලතා - සඳ වේය උදා - සඳ වේය උදා
ලොව රිදියෙන් නාවාලා
චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
නැළවෙන්නේ සැනසෙන්නේ වනගුල්මේ
යහන මත මංගල ගී කියලා

මනමේ නාට්‍යයේ පාත්‍රයන් මෙන් ම ස්‌වර්ණතිලකා නාට්‍යයේ උද්දාල හා ස්‌වර්ණතිලකා දෙදෙනා ද සිය අෙන්‍යාන්‍ය ප්‍රේමය ප්‍රකාශ කර ගත්තේ පරිසරය ආධාරයෙනි. පරිසර සුවනය මගින් සිය හැඟීම ඒ ඒ වස්‌තුන්ට ආරෝපණය කිරිම එකී නිරූපණ ක්‍රමයයි.

සිය නිර්මාණ පිළිබඳව වහා තෘප්තිමත්ව සෑහීමකට පත්වී එය පසෙක තැබීම සේකරට අභිමත නොවීය. 50 දශකයේ අග භාගයේදී ස්‌වර්ණතිලකා නාට්‍යයට ඔහු ලියූ ඉහත සංවාද ගීතය නැවත නැවතත් සකස්‌ කරමින් සිටී. ඔහු තමාගේ කුණ්‌ඩලකේශි නාට්‍යයට පරිසමාප්ත ගීතයක්‌ ලෙස එය ඇතුළත් කිරීමට සමත් විය. ඒ මෙලෙසිනි

අන්න බලන් සඳ රන් තැටියෙන් සුදු
සීත ගඟුල් ගලනා
හද සෝක තැවුල් නිවනා
චන්දන පල්ලව කෝකිල කූජන
සංගීතයේ පැටලී
සුන්දර මේ වන ගුල්ම යහන් ගැබ
ආදර බස්‌ කියනා

අත් පසුරෙන් තුරු පෙම්බරයන් මන
බන්දා සෙනේ සිතිනි
ලියවැල් පැටලී ගොසිනී
පුෂ්ප පිපී මකරන්ද ගලා ඒ
මාරුතයේ හැපිලා
මන්මද රංගන මණ්‌ඩපයේ මෙම
මන්ද බලා හිඳිනේ
තව පෙම්බර මා ස්‌වාමිනේ

ඒ ගීතයට ඇතුළත් "අත් පසුරෙන් තුරු පෙම්බරයන් මන බන්දා සෙනේ සිතින" යන සංකල්ප රූප "සොර පව්ව" නම් ඔහුගේ මුල් කාලයේ ලියූ නාටකයක දී හමුවන්නේ "රළු ගස්‌ කඳ වැළඳ බදා" යනුවෙනි.

මේ අයුරින් සංකල්ප රූපවල නිර්මාණාත්මක ලක්‍ෂණ ඉහළ නැංවීමත්, ආධිපත්‍ය තහවුරු කර ගැනීමත් පමණක්‌ නොව සුගේයනාව වැඩිදියුණු කිරීමට අදාළ ශබ්දාලංකාර වර්ධනය කර ගැනීමත් ඔහු අතින් සිදුවිය. "සොර පව්ව" නාටකයට ඔහු ලියූ එක්‌ ගී ඛණ්‌ඩයක්‌ මෙසේ විය.

ගල් පර්වතයේ හැපිලා
ජල ධාරා ඇද හැලිලා
ගනි නිවුණා ඇවිලී ළසෝගේ

සේකරගේ නිර්මාණ සාහිත්‍යයේ විශේෂ ලක්‍ෂණ සාකච්ඡා කරන විට අවධානය යොමු විය යුතු තවත් කරුණක්‌ නම් පාලි හා සංස්‌කෘත සාහිත්‍යයෙන් ඔහු ලබා ඇති ආභාසයයි. චJද්‍රරත්න මානවසිංහ කවියා සිය නිර්මාණයෙහි මාර්ග කෝෂය පොහොසත් කර ගැනීම සඳහා පමණක්‌ නොව නිර්මාණවලට අදාළ පුවත්, අත්දැකීම් හා උක්‌තීන් සඳහා ද සංස්‌කෘත සාහිත්‍ය සමීපව ඇසුරු කළේය. ඔහු පාළි සාහිත්‍යයට නැඹුරු වූ බව පෙනෙන්නේ "පාතුර හෝසි බුද්ධ ජයන්ති" යනුවෙන් ලියූ බුද්ධ ජයන්ති ගීතය ආදී රචනා කිහිපයකදී පමණි.

එහෙත් මහගමසේකර සංස්‌කෘත සාහිත්‍යයට වඩා බෙහෙවින් ඇසුරු කරන්නේ පාලි සාහිත්‍යයයි. ජාතික පාලි පමණක්‌ නොව ථේර ථේරි ගාථාව ද සේකර ගේ රචනාවන්ට බෙහෙවින් මූලාශ්‍ර වී තිබේ. සද්ධර්මාලංකාරයෙහි ස්‌වර්ණතිලකා වස්‌තුවට ඇතුළත් පහත දැක්‌වෙන පාළි ගාථාව සේකර පදානුපදිකව සිංහල ගීතයට නඟන්නේ අරුත් රස සුන් නොවන අයුරිනි.

ලලනානනානි - චලලෝචනානී
තරුණාරුණානී - චලිතාදරානී
මනුජෝහියෝ නෙත්ත පියං කරෝති
සතුනීව ජාති මපිනෝජ භාති

නීල නයන අරුණේ පැහැ රඳනා
පීන අදර දර රූබර ලලනා
හීන කුලේ වුව දුටු සිත ලොබිනා
නූන පෙමින් අත් නොහරිති නිතිනා

සුභා තෙරණිය ගේ ථේරි ගාථාව ඇසුරින් ඔහු ලියූ ගීය ථේරී ගීයෙහි ඇතුළත් අලංකාරෝක්‌ති වඩාත් දියුණු කිරීමක්‌ මෙන් ම ඔහුගේ ප්‍රතිභාව මගින් නව සම්පත් රැස්‌ කිරීමක්‌ ද වේ.

අපි දූරගතා සරම්හසේ

ආයත පම්හෙ විසුද්ධ දස්‌සනේ
නහිචත්ථිතයාපියතරේ 
නයනා කින්නරී මන්ද ලෝචනේ
(සුභාය ජීවකම්බත්ත නිකාය ථෙරී ගාථා-30,38)

කිඳුරඟනකගේ වැනි අඩවන් ඇස්‌ ඇත්තිය. දුරකට ගියේ වී නමුදු දික්‌ වූ ඇසිපිය ඇති පරිසුදු ඇස්‌ සිහිකරමි ඔබට වැඩි ප්‍රියතාරාවක්‌ මට නැත්තේය.

මේ අරුත් සේකර අතින් සිංහල ගීයට නැගෙන්නේ මෙලෙසිනි.

ඈත කඳුවැටි සේ නැමී ගිය
නීල දිගු ඇසි පියෙන් සෝබන
නීල උත්පල දිගටි දෑසයි
මීන චංචල කිඳුරු දැසයි

මෙහි අරුත් සරසන ඈත කඳුවැටි සේ නැවී ගියේ නම් අලංකාරෝක්‌තිය සේකරගේම ප්‍රතිභාවෙහි සලකුණු ය.

සුළු කළිඟු කුමරියගේ රුසිරු වනන්නට ගුරුළු ගෝමීන්ට ද මූලාශ්‍ර වූවා සේ සැලකෙන මහා කවි කාලිදාස ප්‍රණීත කෘතියක්‌ සේ සැලකෙන "ශෘංගාර තිලක", කාව්‍යයේ එන පහත ප්‍රකට පද්‍යාර්ධය බැලුව මැනව.

ඉන්දිවරේන නයනං මුඛ මම්බුඡේන
කුංදේන දන්ත මදරන් නව පල්ලවේන

සේකර නිම වන නීල උත්පල දිගටි දැස හා ආලවඩන දන්ත කැකුළු කුන්ද සමන් ආදී සංකල්ප රූපාවලී ඒ සකු කව් ඇසුරු කරන්නේ නොවේද? රත්නදීප හා නිරිඳුනි මේ මහා සීගිරි කූඨය ආදී ගීත කිහිපයකදීම ඖචිත්‍යය නොනසා සකු තත්සම වදන් හි සේවය තම ගීතෝක්‌ති අලංකාරවත් කරන්නට සේකර යොදාගෙන තිබේ. ඒ මේ අයුරිනි

පර්වත ප්‍රාන්තයේ
සුරංගනාවන් රතැඟිලි පොකුරේ
නිල් මහනෙල් මල් කැකුළු පිපේ
සෝපානේ දර්පණයේ
කවියට මුසු වී - හැඩ රුව ඔප වී
උන්ගේ ඡායා මැවී පෙනේ

මානවසිංහයන්ගේ ඉරහඳ පායන ලෝකේ, ගමන නොනිමෙයි, ජීවන ගමනේ ආදී ගීතත්, මඩවල රත්නායකයන්ගේ තණ්‌හා ආශා වැනි ගීතත් බෞද්ධ දාර්ශනික සංකල්ප ඇසුරෙන් සියුම් වින්දනාර්ථ සපයන සෘජු සදුපදේශ නොවූ නිර්මාණයන්ය. සේකර ලියූ රටකින් රටකට පාර අසාගෙන අද තැනකයි - හෙට තැනකයි ආදී ගීත ද එබඳුම බෞද්ධ දාර්ශනික සංකල්පවලින් සැරසී තිබේ. එහෙත් ආදරයයි කරුණාවයි චිත්‍රපටයට ඔහු ලියූ ගීය එමගම ගියද නිර්මාණාත්මක ලකුණින් වඩාත් පොහොසත් විය.

දුක සැප දෙකටම උල්පත එක වේ
එකම ගඟක දිය වේ
සැපත විපත වේ විපත සැපත වේ
ඒකයි ලොව නියමේ

දාර්ශනික අර්ථ ගීයට නැගීමේ විරල අවස්‌ථා සේකර වඩාත් අර්ථවත් කොට ගෙන ඇත්තේ එහිදී විශ්ව සාහිත්‍යයේ ද ඇසුර ලැබීමෙනි. ඛලීල් ජිබ්රාන්, සරෝජනී නායිදු, රවීන්ද්‍රනාත් තාගෝර් සහ ඔමාර් ඛයියාම් වැනි විදෙස්‌ කවි කිවිඳියන්ගේ රචනාවන් හි දාර්ශනික අර්ථ ඔහු සිංහල ගීයට නැගුවේ, සරල ගීතෝක්‌ති නිර්මාණය ගැන අමතක නොකරය. සරෝජනී තායිදුගේ ,ෂබාස්‌බ උeaඩැරි, ඉන්දියානු වියත්තෝ නම් කවි පෙළ වඩාත් සංවෘත හා ඒකීය ධාරණාවක්‌ යටතේ සංවිධානය කරමින්, වනි පූර්ණ දේශජ සංකල්ප රූපාවලියකින් සරසමින් ඔහු ලියූ "සන්නාලියනේ" ගීතයේ රුව - ගුණ බෙහෙවින් ප්‍රකට ය. ඛයියාම් ගේ රූබයියාට්‌ හි 11 වැනි පද්‍යය සේකර විසින් නිදහස්‌ කවියට නගනු ලැබ ඇත්තේ මෙලෙසිනි.

තුරු වදුලේ 
රුක්‌ සෙවණේ පූපයක්‌ අතින් ගෙන
සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ ඔබ ගී ගයනා විට 
මේ වන රොද පාරාදීසයකි මට 

ගීයේ සහ කවියේ සීමා මායිම් මෙන් ම සුවිශේෂතා ද මැනවින් දැන සිටි සේකර, ශබ්දාලංකාර සහ භාෂාව තන්වැසි නුවණින් භාවිතයට ගත් අන්දම පිළිබඳ කදිම නිදසුනකි ඉහත කවියම ගීයට නැගූ අවස්‌ථාව.

සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ නිල් සෙවණැල්ලේ
ඔබ මා තුරුළේ ගී ගයනා වේලේ
මේ වන රොද මට ස්‌වර්ග රාජ්‍යයයි
සුරංගනා වියනේ

මානව හිමිකම් කඩවීමකදී කල යුත්තේ කුමක්ද ?

වර්තමාන ශ්‍රී ලංකාවේ දැකිය හැකි ප්‍රධාන ලක්ෂනයක් නම් නීතියට වඩා අවනීතිය රජ කිරීමයි.ඔබත් අවනීතිය නිසා පීඩා විඳින අයෙක්ද? එසේ නම් ඔබට ගත හැකි ක්‍රියා මාර්ගයක් ඇත අපි ඒ පිලිබඳ විමසා බලමු. … …මේ යටතේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ IIIවන පරිච්ඡේදය මගින් පිළිගත් මූලික ආයිතිවාසිකම් කඩවීම්වීම් සහ කඩවීමට ආසන්න අවස්ථාවලදී පැමිණිලි ඉදිරිපත් කළ හැකියි. … …මෙම මූලික අයිතිවාසිකම් මොනවාද යන්න විමසා බලමු. …ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදය මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සාකච්ජා වෙයි.

 1)
 සිතීමේ නිදහස,හෘදය සාක්‍ෂියේ නිදහස සහ ආගමික නිදහස (සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළද ගැනීමේ නිදහසද ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට,හෘදය සාක්‍ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.

 2)
වධහිංසා වලින් නිදහස (කිසිම තැනැත්තකු වධහිංසා වලට හෝ කෲර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය)

 3)
(1) සර්ව සාධාරණත්‍වයේ අයිතිවාසිකම (නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය.
(2)කීසිම පුරවැසියකු වර්ගය,ආගම,භාෂාව,කුලය,ස්ත්‍රී පුරුෂ භේදය,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය. …

 4)
අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්,රදවා තබා ගැනීමෙන් සහ දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම
 (1)නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය.යම් තැනැත්තකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මතද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය.
 (2)අත් අඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ සෑම තැනැත්තකුම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර,නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව/ලැබූ ආඥාව /මත සහ ආඥාව ප්‍රකාර මිස,ඒ තැනැත්තා තවදුරටත් අත්අඩංගුවෙහි තබා ගැනීම හෝ රදවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකළ යුත්තේය.......)
 5)
භාෂණයේ,රැස්වීමේ,සමාගමයේ,රැකියාවේ සහ යාම්ඊම් යනාදියේ නිදහස
අ)භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට
 ආ) සාමකාමීව රැස්වීමේ නිදහසට
 ඇ) සමාගමයේ නිදහසට ඈ) වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිතිවලට බැදීමේ නිදහසට
ඉ) එකලාව හෝ අන් අය හා සමඟ ,ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව ,තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන්,ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශකිරීමේ නිදහසට
 ඊ) එකලාව හෝ අන් අය හා සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විදීමේ හා වැඩිදියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට
 උ) එකලාව හෝ අන් අය හා සමඟ යම් නීත්‍යානුකූල රැකියාවක,වෘත්තියක,කර්මාන්තයක,වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට
 ඌ) ශ්‍රී ලංකාව තුල යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට ,සහ
එ) ශ්‍රී ලංකාවට පෙරලා පැමිණීමේ නිදහසට හිමිකම් \ඇත්තේය. … …මෙම මූලික අයිතිවාසිකමක් කඩ වුවහොත් ඔබට ගත හැකි ක්‍රියාමාර්ග කීපයකි. …
මූලික අයිතිවාසිකම් උල්ලංඝනයකදී ගත හැකි ප්‍රතිකර්ම 
  • අධිකරණමය ප්‍රතිකර්ම 
  • අධිකරණමය නොවන ප්‍රතිකර්ම  
 

අධිකරණමය ප්‍රතිකර්ම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 04(ඈ) ව්‍යවස්ථාව ප්‍රකාරව "ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශකොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරුකරනු ලැබිය යුත්තේය,ආරක්‍ෂා කරනු ලැබිය යුත්තේය.වර්ධනය කරනු ලැබිය යුත්තේය.තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම,සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේය."ඒ අනුව මෙකී අයිතිවාසිකම් සුරක්‍ෂිත කිරීම උදෙසා රජයට බැදීමක් ඇතිවන අතර 17වන ව්‍යවස්ථාව ප්‍රකාරව මේ පරිච්ඡේදය යටතේ දක්වන්නා වූ යම් මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වන ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉලලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේය. ඒ අනුව 126 වන ව්‍යවස්ථාව ප්‍රකාරව යම් මූලික අයිතිවාසිකමමක් නැතහොත් භාෂා අයිතිවාසිකම යම් විධායක ක්‍රියාවක් මගින් හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කර ඇති බවට හෝ කඩකිරීමට අත්‍යාසන්නව පවතින බවට යම් තැනැත්තකු විසින් දෝෂාරෝපණයක් කරනු ලබන අවස්ථාවක ඔහු විසින්ම නැතහොත් ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකුගේ මාර්ගයෙන් ,එතැන් පටන් මාසයක් ඇතුලත,එම කඩ කිරීමෙන් සහනයක් හෝ පිහිටක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට හැකියාව ලැබේ.

අධිකරණමය නොවන ප්‍රතිකර්ම

  • ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව
  • පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස්වරයා(ඔම්බුඩ්ස්ටන්)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව

1996 අංක 21දරන පාර්ලිමේන්තු පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සතු බලතල අතර මානව හිමිකම් කඩවීම පිළිබඳ ලැබෙන පැමිණිලි පිළිබදව විමර්ශණය කොට නිර්දේශයන් ඉදිරිපත් කිරීමේ බලය සුවිශේෂී වන අතර මානව හිමිකම් පිළිබද දැනුම ප්‍රවර්ධනයට සහ සුරක්‍ෂිතකිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට මෙම ආයතනයට හැකියාව ලැබේ.

මානව හිමිකම් කොමිෂන් සභාව  

පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස්වරයා(ඔම්බුඩ්ස්ටන්)
"දුක් ගන්නා රාළ" ලෙස හදුන්වන ඔම්බුඩ්ස්ටන්වරයාගේ බලතල අතර විධායක හෝ පරිපාලන වශයෙන් සිදුවන අයිතීන් උල්ලංඝනය පිළිබදව පරීක්‍ෂණ පැවැත්වීමේ බලතල කැපී පෙනේ.රජයේ නිලධරයන් විසින් සහ රාජ්‍ය සංස්ථාවල ,පළාත් පාලන ආයතන වල හා එවැනි වෙනත් ආයතනවල නිලධරයන් විසින් සිදුකරනු ලබන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම,සහ වෙනත් අසාධාරණ ක්‍රියා ගැන කරනු ලබන පැමිණිලි හෝ චෝදනා නීතියේ විධිවිධාන වලට අනුකූලව පරීක්‍ෂා කර බලා වාර්තා කිරිමේ කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 ව්‍යවස්ථාව යටතේ මොහු සතු බලතල ලෙස දක්වනු ලැබේ.
  

සරසවි කුරුටු ගී

මේ දවස්වල මුලු විශ්වවිද්‍යාල පද්ධතියම අක්‍රීය වෙලා තියෙන මොහොතේ කරන්නට වැඩකුත් නැති නිසා හිතුවා බ්ලොග් එකට ලිපියක් ලියන්න ඕන කියලා.ඒත් දහ අතේ කල්පනා කලා මොනවද ලියන්නේ කියලා.හිතට අදහසක් එන්නේ නැති නිසා හිතුවා මංකොල්ලයක් වත් කන්න කියලා හැබැයි නිර්මාණ මංකොල්ලයක්. ඒ කතෘ අඣාත සරසවි කුරුටු ගී ටිකක් හොයලා ලියලා දාන්න.ඒ අනුව පරණ පත්තර ගොඩාක් ඇදලා හොද කුරුටු ගීත ටිකක් හොයාගත්තා..හැබෙයි මම පීනස්කාරයා නිසා නහයෙන් හොටු බේරෙනවා පරන පත්තර වල තිබ්බ දූවිලි නිසා..එහෙනම් කියවලා බලමුකො...කුරුටු ගී ටික

 ආදරය පිලිබද ලියවුනු කුරුටු ගී
  

මම බලාගෙන හිටියා
කාලයේ නිම් වලලු අතරින් ඇය සැගව යන අයුරු
හදවතින්ම ඇයට ශුභ පැතුවද
නැහැ
කදුලක් කීවේ ඒ සකුරා මලට
ආයෙත් එන්න
සයොනාරා කියලා

ඔලු කුහර කකියන
ශිල්ප කතරේ
දිය බිදකි සොදුරිය
දුම්වලා ගිනි පිඹින
කොන්ක්‍රීට් කතරේ
නුඹ මට
සිහිල් පවනකි සොදුරිය

ශිල්ප කබලෙන්
ලිපට වැටුනි
ඇය මගෙන් වෙන්වූ දිනේ 

ආදරයත් පඩයක්ද?
ගියොත් ගියාවේ

 පහන් කනුව
මම
දැවී ගිය විදුලි බුබුළ
ඇය...!

දුකට ලියවුනු කුරුටු ගී

අයියෝ සරසවිය අයියෝ සරසවිය
කියන දෙයක් ඔලුවට ගන්නට බැරිය
තාත්තා ලෙඩ ඇදේ මහපොල තව නැතිය
අයියෝ අම්මේ අයියෝ අනෙ මට බැරිය

කුස ගින්න කුස ගින්න
කාට කියන්නද
එවූ මුදල ඉවරයි අම්මේ;අම්මේ

එස් එස් සී විනාශාය
සම්මානෝ අති දුර්ලභා
රැකියා විරහිතං දුක්ඛං
බී.ඒ.ඩිග්‍රී මහා භයං

පානුයි පරිප්පුයි දවසක බුදුවේවා
ලූනුයි පොලුයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජන ගග වේවා
බොඩිං ඇන්ටි අජරාමර වේවා

කුරුටු ගී කරුවා දුටු සමාජ යථාර්තය 

දේෂන මොටද මතකයේ රදවන්න බැරි
සටහන් මොටද කියවා නිමවන්න බැරි
බුද්ධිය මොටද සත්‍ය ජයගන්න බැරි
ඩිග්‍රීය මොටද රක්ෂාවක් ගන්න බැරි

 මිනිසුන් අතර තනිවීම
මිනිසුන් නොමැති පරිසරයක
තනි වීමට වඩා
ඛේද ජනකය

ඒකීය රාජ්‍ය ශක්තිමත් කිරීමෙන් රට බෙදීම අවසන් කළ හැකිය



ලංකාවේ ජනගහනය අතරින් සියයට 81.9 ක්  සිංහල ජනතාව දිවි ගෙවන කල්හි ඉතිරි ජන වර්ග සැලකෙන්නේ කුඩා ජන අනුපාතයක් ලෙසටය. දෙමළ ජනගහනය සියයට 4.4 ක් ද මුස්ලිම් 8.0 ක් ද ඉන්දියන් දෙමළ 5.1 ක් ද මැලේ 0.3 ක් ද බර්ගර් 0.2 න් ද වන බව 2001 සංගණනයේ දී තහවුරුව තිබුණි. මේ අනුව දෙමළ මුස්ලිම් බර්ගර් පමණක් නොව වැදි ජනතාව ද  සුළු ජන වර්ග අතරට වැටේ.
දෙමළ ජනතාව අතරින් බහුතරයක් ජීවත් වන්නේ උතුර සහ නැගෙනහිර පළාත් වලය. මේ ප‍්‍රදේශය පූර්ව ඓතිහාසික යුගයේ දී කෙවේතස්ථ පදියම ලෙසට ද ඉන්පසු නාග ද්වීපය ලෙසට ද ව්‍යවහාරයේ තිබුණි. මහාචාර්ය රාජ් සෝමදේව විසින් නිවරද ලෙස කියවන ලද ආනකෝට්ටේ ලෝකඩ මුද්‍රිකාවෙන් මෙම පළමු ව්‍යවහාරය තහවුරු වෙයි. ( 2010 ඔක් 27 දිවයින බලන්න )දෙවැන්න වල්ලිපුරම් රන්පත් ඉරුවේ තිබෙන නකදිව යන්නෙන් තහවුරු වෙයි. ක‍්‍රි.පූ. අටවන සියවසේ සිට විජයා ගමනය දක්වා කාලය තුලදී  මේ ප‍්‍රදේශ සමස්ත සිංහල රාජධානියේ කොටසක් බවට විය. ඒ තත්වය තුල යක්ෂ ගෝත‍්‍රිකයින් මෙන්ම නාග ගෝත‍්‍රිකයින් ද සිංහල ජාතියට එකතු වූහ.
කාලිංග මාඝ චන්ද්‍ර භානු ආක‍්‍රමණ සහ දොලොස් වන ශත වර්ෂයෙන් පසු උතුරේ ඇති වූ විදේශ ආර්ය පාලනය නිසා එහි සිටි සිංහල ජනතාව ක‍්‍රමයෙන් දකුණට සංක‍්‍රමණය විය. එහි රැඳී සිටි පිරිස ද කලක් යන විට විදේශිකයින් ගේ අත වැසියන් බවට පත් වූහ. දෙමළ බස එහි වානිජ ව්‍යවහාරය වූ බැවින් සිංහල අය තුලින් ද සිංහල භාවිතය තුරන් ව ගියේය. පෘතුගීසීන් සහ ලන්දේසීන් ගේ ආගමනයෙන් පසුව උතුර යටත් වී එහි සිටි සියළු ජන කොටස් දෙමළ ගණයේ ලා සලකන්නට පෙළඹුණි. ඒ අතර දුම් කළ වගාවට ද වී වගාවට ද මලබාරයෙන් ගෙනා ලන්දේසි කොම්පඤ්ඤයේ වහලුන් පිරිස නිසා ( ලංකාවේ ලන්දේසි බලය-අරසරත්නම්) දෙමළ මලබාර් ජනගහනය වර්ධනය විය. ඉංග‍්‍රීසීන් විසින් දෙමළ ජන ගහන අනුපාතය සිය ලේඛන වල ඇතුලත් කර තිබෙන්නේ දිවයිනේ අනෙක් පළාත් වල තිබූ පොදු ව්‍යවහාරය නොසලකා හරිමිනි. පෙර ලංකාව ඒකීය රටක් ව පැවතුණ බව ද විදේශීය ආක‍්‍රමණ නිසා එම ඒකීය බාවය බිඳී ගිය බව ද වූ යථාර්ථය ඉතිහාසයට පමණක් සීමා විය. පෙර ලංකාවට පැමිණි දෙමළ යවන ජාවක විදෙස් ජනයින් ගෙන් ඇතැමෙක් මෙහි පදිංචිව සිංහල සංස්කෘතියට එකතුව කටයුතු කළ ආකාරය ඉතිහාසයෙන් අපට දත හැකිය. එම ස්භාවික සූත‍්‍රය යුරෝපීය පාලන සමයෙන් පසු ක‍්‍රියාත්මක නොවීම ද්‍රවිඩකරණයට මූලික හේතුවයි.
උඩරට රාජධානිය බිඳ වැටෙන විට සිංහල රදළයින් බෙලහීන වී රටින් පිටුවහල්  කරන විට සිංහල ජනතාවට නායකත්වය දීමට කිසිවෙකුත් ඉතිරි නොවීය. ඉතිරි වූ පිරිස සහ ග‍්‍රාමීය නායකයින් බ්‍ර්තාන්‍යයන්ට පක්ෂපාතී වූහ. සිංහල රජ පවුල් වල කිසිවෙකුත් නෑර ඝාතනය කරන්නටත් පිටුවහල් කරන්නටත් කටයුතු කළ ඉංග‍්‍රීසීන් යාපන ප‍්‍රදේශයේ රදළවරුන්ට පහසුකම් සලසා දුන්හ.මේ අය ආර්ය චක‍්‍රවර්තී පාලනයෙන් ශේෂ වූ මුදලිවරුන් වීම නිසා ඇමරිකන් මිෂනරිය විසින් ඒ අයගේ අධ්‍යපන මට්ටම පවා උසස් කරන්නට කටයුතු කළ බව සිහිපත්කළ මනාය. මෙසේ ඉහළ පිළි ගැනීමක් ලද යාපන මුදලිවරුන් වෙනම රාජ්‍යයක් සඳහා මත වාද සකස් කරන්නටත් පසුව සටන් මගට බසින්නටත් වීම පුදුමයට කරුණක් නොවේ. ඔවුන් තේරුම් නොගත් එකම දෙය නම් සිංහල ජනතාව හා තමන් අතර වූ සමානකම්ය. මිෂනාරි අධ්‍යාපනය නිසා සාමාන්‍ය ජනතාව  පමණක් නොව වැදි ජනතාව ද දෙමළ භාෂාව හරහා ද්‍රවිඩකරණය කරන ලදහ. වාකරේ දිවි ගෙවන පන්දහසක් පමණ වැදි පවුල් එලෙස ද්‍රවිඩකරණය කරන ලද්දවුන්ය.  මෙලෙස දෙමළ වූ නායකයින් භාෂා භේදය නිසා සැම විටම ඉන්දීය ගැති මානසිකත්වයකින් යුතුව වෙන්වී යාමට උත්සාහ කළහ. මනුෂ්‍ය ජීවිත ලක්ෂ ගණනක් විනාශ කළ ත‍්‍රස්තවාදය බිහිවූයේ මෙවැනි පදනමක් තුලය.
උතුරේ තරුණයින් කැරලි ගසමින් ජීවිත විනාශ කිරීම ආරම්භ කරන කාලවකවානුවේ දීම මේ රට බෙදීමේ ප‍්‍රශ්ණය නිමා කළ හැකිව තිබුණි. නමුත් බ්‍ර්තාන්‍යයන්ට ගැති කම් කළ සිංහල නායකයින් තමන්ගේ රටේ ඒකීය බව රැකගැනීමට උත්සාහ නොකළහ.  ඉතිහාසය වරදවා තේරුම් ගෙන මේ පිරිස උතුරු ප‍්‍රදේශය දෙමළ ජනතාවගේ නිජබිම ලෙසට හදවතින් පිළිගත්හ. මේ නිසා එක්සත් ලංකාවක් උදෙසා එකම සංස්කෘතියක් බිහිකර ගැනීමට තිබූ ඉඩ ප‍්‍රස්ථා බොහෝ විට නැති කර ගත්තේ වියුක්ත දෙමළ ජන අනුපාතයට අනවශ්‍ය ලෙසට සැලකීමේ පුරුද්ද නිසාය. උතුරෙ වාරි මාර්ග ව්‍යාපාර ක‍්‍රමයෙන් නැවත පිළිසකර කෙරෙන විට ජන අනුපාතය අනුව ජනතාව පදිංචි කරලීම කළ යුතුව තිබුණි. එය සිදු වූයේ උතුරු මැද ගල් ඔය සහ මහවැලි ප‍්‍රදේශ වල පමණි. ඉරන මඩු යෝධ වැව ආදී මහා වාරි මාර්ග පිළිසකර කරන විට එය වෙනස් විය. පසුව දෙමළ ජාති වාදීන් ගේ ඉල්ලීම මත මේ ජනපදකරණය අත්හිටවුණි. නමුත් මහවැලි ප‍්‍රදේශ වලද වන්නියේ ද නැගෙනහිර ද දෙමළ හා මුස්ලිම් ජනතාව පමණක් වරින් වර පදිංචි කරන ලදහ.
වත්මන් සිංහල ජනතාව වසර තිහක් තිස්සේ යුද්ධයෙන් බැට කෑහ. රටේ ජනගහනයෙන් බහුතරයක් දරුවන් යුද්ධයට යාම නිසා මැරුම් කෑහ. උතුරේ හා නැගෙනහිරේ දිවි ගෙවූ සිංහල ජනතාවට උන්හිටි තැන් අහිමි වූහ. මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් යුත් සන්ධාන රජය හා ජාතික බල වේග එකමුතුව ශාපලත් යුද්ධයෙන් රට බේරා ගැනීමට නායකත්වය දීමට කටයුතු කළ බව කවුරුත් දනිති. නමුත් මේ බව අද සන්ධාන රජයේ සිටින වැඩි පිරිසක් පිළිගැනීමට මැලිකමක් දක්වති.
යුද්ධයෙන්  පසු රටේ ඒකීය බව ස්ථාපිත කරලීමට රජය යම් යම් ක‍්‍රියාමාරග ගෙන ඇත. සංවර්ධන කටයුතු ඉන් ප‍්‍රධාන වේ. ‍ත්‍රෛයි භාෂා සංකල්පය මත එක් සංස්කෘතයක් ඇතිකිරීම ද බලාපොරොත්තුවක් වී ඇත. නමුත් එයින් සිදුවී ඇත්තේ දකුණේ පසල් වල පමණක් දෙමළ බසට වටිනාකමක් ලැබීමයි. උතුරෙ හෝ නැගෙනහිරේ කිසිම තැනක සිංහල බස ඉගැන්වෙන්නේ නැත. පැරණි දෙමළ භාෂා පණත ක‍්‍රියාත්මක වීම නිසා උතුරේ ප‍්‍රධාන භාෂාව බවට පත් ව ඇත්තේ දෙමළ බසයි. නාම පුවරු පවා අලුතින් ඉඳි කරනු ලබන්නේ දෙමළ හා ඉංග්‍රීසි බස පමණක් භාවිතා කරමිනි.මේ නිසා අම්පාර දිශාවේ මඩකලපුවේ සිංහලයින්ට තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ අයිතිය අහිමි වී ඇත. ඒ අතර උතුරෙන් අවතැන් වූ කිසිම සිංහලයෙකුට තමන්ගේ ඉඩ කඩම් තව වෙන තුරුවත් ලැබී නොමැත. 1981 සංගණනයේ දී යාපනයේ සිංහලයින් 4615 ක් ද මන්නාරමේ 8710 ක් ද  මඩ කලපුවේ 10646 ක් ද ත‍්‍රිකුණාමලයේ 86341 ක් ද විය.  1953 වසරේ දී යාපනයේ 4724 ක් ද මඩකලපුවේ 17751 ක් ද සිටි බව මතක් කළ යුතුය. නැගෙනහිරේ තත්වය විනාශකාරී වේ. මුස්ලිම් ජිහාඩ් කල්ලි විසින් හොර ඔප්පු ලියා එහි සිංහල උරුමයන් නැති භංගස්ථාන කරන අතර සිද්ධස්ථාන පවා විනාශ මුඛයට ඇද දමා ඇත.
යුද්ධය අවසන්ව පැමිණි පළමු සාම වටයේ දී ම රටේ දෙමළ ජාතිවාදය මුලිනුපුටා දැමීමට රජයට හැකියාව ද බලය ද තිබුණි. පොලිස් හා ඉඩම් බලතල වැනි අනවශ්‍ය පළාත් බලතල ඉවත් කිරීම තුලින් එයට පදනම දැමිය හැකිව තිබුණි. රටේ සැබෑ ඉතිහාස කථාව ජගත් ප‍්‍රජාව ඉදිරියේ දිග හැර සිංහල ජනතාවට ඓතිහාසිකව සිදු වූ අසාධාරණකම් හෙළිදරව් කොට ඒ අයගේ අනුකම්පාව දිනා ගැනීමට හැකිව තිබුණි. එසේම බ‍්‍රිතාන්‍ය ඇතුළු බටහිර ප‍්‍රජාව විසින් පසුගිය යුද්ධ සමයේ දී කොටි ත‍්‍රස්තවාදයට උදව් කරමින් කළ  ද්‍රෝහීකම් ද මැනවින් හෙළි දරව් කිරීමට සාක්ෂි ඕනෑතරම් තිබුණි. නමුත් රජය තුලම සිටින බෙදුම් වාදීන්ගෙන් එයට ඉඩක් ලැබී නොමැත.
රටේ ඒකීය භාවය පිළිබඳව රජය ගැඹුරින් කල්පනා නොකළහොත් එය දීර්ඝ කාලයකට රැක ගැනීමට අවශ්‍ය ඓතිහාසික සූත‍්‍රයන් ආදේශ නොකළහොත් දෙමළ ජාතිවාදය තවත් වටයකින් ඉදිරියට ඒම වැළක්විය නොහැකිය. අතීතයේ දී කෝට්ටේ හයවන පරාක‍්‍රමබාහු යුගයෙන් පසුව උතුර නැවතත් ස්වාධීන රාජ්‍යයක් වීම සහ රට පුරා දෙමළකරණය ව්‍යප්ත වීම සිහියට නගා ගත යුතුය. එය නැවත වෙනස් වූයේ ඉංග‍්‍රීසීන් යටතේ රට එක රාජ්‍යයක් බවට පත් වීමෙනි. එම නිසා බලය අතැතිව සිටින මොහොතක කේවට්ටයින්ගේ උපදෙස් පිළිපදිමින් බලය අන් සන්තක කිරීම නුවණට හුරු ක‍්‍රියාවක් නොවේ. මේ අවස්ථාවේ දී ජාතික බලවේගයන්හි කාර්යභාරය විය යුත්තේ එය මැනවින් පෙන්වා දීමයි.

නලින්ද සිල්වා මහතා කැලනියට සමු දෙයි .......




මහාචාර්ය නලින් ද සිල්වා මහතාව හඳුනා ගැනීම පහසු නැත… එතුමා කරන්නට උත්සාහ දැරූ දෙය අපිත් නිවැරදිව වටහා ගත්තේ ( ගත්තා යැයි සිතන්නේ ) අද ඊයේ සිටය… බටහිර විශ්ව වේද ශාස්ත්‍රය ( Cosmology ) හි කෙළ පැමිණියෙකු වන එතුමාට බ්‍රිතාන්‍ය රජය “නේවාසික ආරාධනාවක්” පවා කර තිබුණත්, එතුමා එයද ප්‍රතික්ෂේප කල අයෙකි.. ( ලෙහෙසියෙන් කෙනෙකුට එවැනි ඇරයුම් නොලැබෙන අතර, ලංකාවේ දැන් ඉන්නා බකයන්ට කොහෙත්ම නොලැබෙන්නේ ගල් පිළිම සහ බොල් පිළිම වල වෙනස, ලංකාවේ බොල් පිළිම සාදන සුද්දෝ හොඳින් දන්නා නිසාය… ).. ඒ කෙසේ වෙතත් එතුමා සිටින්නේ ත්‍රෛ ලෝකයේම අපරාජිත පදනමකය… ඒ බොදු පදනමයි..

බටහිර දැනුමේ දාසයන්ගේ මාෆියාවන්ට ඔවුන්ගේ ගුබ්බෑයම් පාලනය කර ගන්නට දී එතුමා ඉවත්ව ගියත්, පරාජය කරන ලද උතුරු-නැගෙනහිර කැරැල්ල ඇතුළු ජාතිකත්වය ජය ගත් සියළු කාරණා සම්බන්ධයෙන් ඔහු කළ මෙහෙවර අසමසම වූවක් ලෙස ඉතිහාසය හඳුනා ගනු ඇත…වසවර්ති මාරයාට නොපැරදුණු පදනමක ඔහු සිටින තාක් කල් ඔහු නොපරදිනු ඇත… එතුමාගේ මතය දිනවන්නට එතුමාට වෙනත් මාවත් ඇති බව අපගේ විශ්වාසයයි…
මුල් යුගයේදී මාක්ස්-ට්‍රොට්ස්කි වාදියෙකු වූ මහැදුරු නලීන් එහි ගැත්තෙකු නොවී, ක්‍රමයෙන් ඒ දර්ශණයන්ගේ පදනම ප්‍රශ්ණ කරන්නෙකු බවට පත්විය… එසේ පත්වීමත් සමඟම ධම්ම පදයේ, යමක වග්ගයේ එන “අසාරේ සාර මතිනෝ” ගාථා පාඨයේ අරුත එතුමාට වැටහුණු බවට සැක නැත… 


මහා පඬිතුමනි,
සිංහල බෞද්ධයකු ලෙස ඉපදුනද ක්‍රියාකලද,
එබවක්,
අඩුතරමේ,
තමන් උපන්බිම සිටවත් එක එල්ලයේ කටක් ඇර කියන්නට තරම්
පිටකොන්දක් නැති කර සිටි
සිහල බොදු අපේ පිටකොන්දට
ඔබ දුන් මාහැඟි ඖෂධය හේතුවෙන්
ප්‍රාණවත් වූ කොන්දෙන්
කෙලින් සිට
‘මම සිංහල බෞද්ධයෙක්‌’ බව හඬ ගා කියන්නට හැකි පිරිසක් බිහිවිය.
‘අපේකම’ රැක ගන්නට දැමු අඩිතාලමට අප ඔබට හැමදා ණයගැතිය.
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ දැහැමෙන් සෙමෙන් ජීවත් වේවා!

ජාතිකත්වය හා අවජාතකයෝ...

අප දෛනිකව ප්‍රාඥයින් ලබන  ජාතියක් බවට පත්ව ඇත.  ආසනික් අර්බූදයත් සමගම නවතම ආකාරයක ප්‍රාඥයින් සමාජ දේහයට එක්වෙන මේ යුගයේ, ඔවුන් සම්බන්ධව අපගේ අවධානය යොමුකල යුතුම වකවානුවක අපි ජීවත් වෙමු.  මෙම  ප්‍රඥයන්ගේ ඉස්මතුවීම කියා පාන්නේ මෙරට ජන සමාජයට ආසනික් විසින් ඉතා ඉහල මෙහෙවරක් කර ඇති බවයි.
විශේෂයෙන් ඉතා ඉහළ ස්ථරයක වැජඹෙන ප්‍රාඥයින් වදාරණ දෑ අවබෝධ කරගැනීම සදහා අපට වරක් දෙවරක් නොව, තෙවරක් ඉක්මවා ගිය වාර ගනනක් ඔවුන් පවසන දෑ, නැවත නැවත පුනරාවර්තනය කිරීමට සිදුවෙන අතර සමහරවිට ඊට එහා ගලායන වාර සංඛ්‍යාවක්ද, එසේත් අවබෝධ නොවන්නේ නම්, සෘජුවම එම ප්‍රාඥයාගෙන්ද විමසා අවබෝධ කරගන්නට සිදුවේ.
මෑතකදී ඉස්මතුවූ එක් ප්‍රාඥයකුට අනුව, මහාචාර්ය නලින් ද සිල්වා මහතාව මෙසේ හැදින්වේ.

 In the past with is action Nalin has proved that he is an Extremist. His major concept (always) is US vs THEM thinking pattern (Eg- Sinhala / Tamil , Sri Lanka / West , Buddhist/ Non Buddhist), even Prhabahakara had the same concept with extreme prejudice. I wish one day Nalin will be able to see the world with Metthha without these petty extremism. I am waiting till that day

මහාචාර්ය නලින් ද සිල්වා මහතා අන්තවාදියෙකි. ඇත්ත වශයෙන්ම මේ මහතා ප්‍රකාශ කරන  කථාව අපද අනුමත කරන අතර, මේ රටේ සිටි හා සිටින අන්තවාදීන් අතරින් මහාචාර්ය නලින් ද සිල්වා මහතා ප්‍රබලම අන්තවාදියෙකි. මොහුගේ අන්තය තුල සිංහලකම හා බෞද්ධකම අප දුටු මූලිකම ලක්ෂණ වේ. සිංහලකම තර්ජනයකට ලක්වෙන විට සිංහල අන්තවාදියකු වූ නලින් ද සිල්වා මහතා බෞද්ධකමට තර්ජනය වනවිට සැබෑ බෞද්ධයකු වශයෙන් මතු වේ. මේ රටේ සිටි අපකීර්තිමත්ම  ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන යුගයේදී, එම ජනාධිපතිවරයාගේ හා එම රජයේ ඉමහත් ගැරහුමට පත්වූ පුද්ගලයින් අතර, ඉහලම තලයක මාහාචාර්ය නලින්ද සිල්වා මහතා ශ්‍රේණි ගතව සිටි අයෙක් බැවින්, අප හද තුල මහාචාර්ය නලින් ද සිල්වා මහතා සම්බන්ධව ගොඩනැංවී පැවතියේ ගෞරව සම්පන්න පුද්ගලයකුට උරුමවූ ස්ථානයකි.
1983දී ජේ ආර්. ජයවර්ධන රජය ප්‍රමුඛ රජය මෙරට ද්‍රවිඩ ජනතාව මරා දමමින් ඔවුන් සතු දේපල මංකොල්ල කමින්, ගිනි තබමින්, ප්‍රභාකරන්ගේ සන්නද්ධ අංශයට අවශ්‍ය සම්පත් බටහිර රාජ්‍යයන් හා සමග එකතුව අනියමින් සපයන වකවානුවේදී: සිංහල අන්තවාදියකු බවට පත්ව ද්‍රවිඩ ජනතාවට එරෙහිව කටයුතු නොකලේ, සිංහල අන්තවාදය ගැටෙන්නේ, තවත් ජාතියක  අන්තවාදය සමග මිස එම  ජනතාවන් සමග නොවන බව ඒ මහතා මනාව සපත කර ගෙන සිටි බැවිණි. තවද   තමන්ගේ සැබෑ සතුරා හැම විටම ඉටු කරන්නේ සතුරු කාර්යයක් මිස සෙතක් නොවන බව ඒ මහතා මනාව වටහා ගෙන සිටි වියතෙකි.
බටහිර රාජ්‍යයන් ප්‍රභාකරන් ප්‍රමුඛ ද්‍රවිඩ අන්තවාදී සන්නද්ධ අංශය ගොඩනංවන බව එදා දුටු මිනිසුන් අතරින් නලින් ද සිල්වා මහතාද එක් අයෙකි.  ඒ හේතුවෙන් නලින් ද සිල්වා මහතාට බටහිර රාජ්‍යයන්ට එරෙහි වීමට හා ඔවුනගේ ද්‍රවිඩ අන්තවාදයට එරෙහිව, සිංහල අන්තවාදය පණ පොවන්නට සිදුවිය. සිංහල අන්තවාදයට පණ පොවන්නේ සිංහල කම ආරක්ෂා කිරීමට වන අතර, අතීතයේදී  එය රට, ජාතිය, හා ආගම ආරක්ෂා කර ගැනීම සදහා කරන්නාවූ අරගලයක් විය. නලින් ද සිල්වා මහතා කඩුවක් ඇවැසි තැන කඩුවක් ගෙන කොටන මනුස්සයකු වන්නා සේම, සංග්‍රාමයට නවගුණ වැල රැගෙන යන පුද්ගලයකු නොවීම, නව ප්‍රාඥයාගේ මනස  I wish one day Nalin will be able to see the world with Metthha without these petty extremism. යන්න ලිවීමට හේතුවුවා යයි යන්න අපට සිතේ. ප්‍රභාකරන් ප්‍රමුඛ ද්‍රවිඩ අන්තවාදීන්ට  Metthha නොකිරීම ප්‍රභාකරන්ගේ හා බටහිර ප්‍රජාවගේ හා ඒ සෙවන ආශිර්වාදයක් කොටගෙන පවතින ප්‍රජාවගේ දෘෂ්ඨියෙන් විශාල වරදක් බවද අපද දන්නෙමු. ඒ වරද මහාචාර්ය නලින් ද සිල්වා මහතා සිදුකර ඇත. ඒ ඔහු සතු යුගයේ කාර්යභාරයයි.
අපට මුණ ගැසෙන නූතන ප්‍රාඥයා, එකවරම මෙසේ පවසයි.

Nalin criticizes the West and the Western education but he has sent his children to the West to obtain hither education , Obviously it is a double standard and it is depriving ordinary Appuhami’s son to obtain western based education. Is that he wants to send Appuhami’s son to a Pirivena instead of a Western university ?

මෙම ප්‍රශ්නය හරහා ඔහුගේ අපේක්ෂාවන් වන මහාචාර්ය නලින් ද සිල්වා මහතා දෙබිඩි පිලිවෙතක් දරණ සමාජය නොමග යවන පුද්ගලයකු යන්න, පාරා වලල්ලක් බවට පත්ව ඇති ආකාරය මනාව බලන්න. මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ දරුවන් යනු මහාචාර්යවරයා නොවේ. මෙය ඇහළේපොල දිසාව කල වරදට, ඇහළේපොල කුමාරි හාමි ඇතුළු දරුවන්ව මරණයට පත්කලා හා සමානම වූ අති පහත් ක්‍රියාවක් වන අතර, ශිෂඨ වූ සමාජයක හැදුන මිනිසෙකු කිසිදා නොඅසන පැනයකි. නමුත් මෙතුමාට එම ප්‍රශ්නය නලීන් ද සිල්වා මහතාගේ දේශපාලන ව්‍යුහය විදහා පෑම සදහා ඇසීමට පොලඹවන ලද්දේ ඒ මහතාගේ මනසයි. ඔහුගේ මනෝභාවයට අනුව, මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ දරුවන් බටහිර රාජ්‍ය පද්ධතියක විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට වරම් නැත. එය එසේම විය යුතුයයි විශ්වාස කරන්නේ නම්, එම දරුවන්ගේ දරුවන්ටදද එම සිද්ධාන්තය උරුම විය යුතය. මේ දාමය මෙසේ විය යුතුයයි මේ  ප්‍රාඥයා විශ්වාස කරන්නේ නම්, ආරම්භයේදීම මහාචාර්ය නලින්ද සිල්වා මහතා, සිංහල, බෞද්ධ, බටහිර විරෝධී යන අන්තගාමී පදනමේ සිට කටයුතු කරනවායයි පවසන ප්‍රාඥයාම, මහචාර්ය නලින් ද සිල්වා මහතා දරණ අන්තවාදයට වඩා පටු වූ තලයක පවතින, පුද්ගල විරෝධී අන්තයක සිටගෙන සිටින බව වටහා ගැනීමට තරම් මනස පුළුල් නොවේ.. නමුත් ඔහුගේ පැනය දකින ජන සමූහයාට මේ ප්‍රාඥයාගේ ඉලක්කයන්ට ගොදුරු වන්නේ ප්‍රතිපත්ති හා ක්‍රියාදමෙයන් නොව පුද්ගලයන් බව මනාව වැටහේ.
 ඔහුට අනුව එම ප්‍රශ්නයේ අන්තර්ගතය විදහා දැක්වීමට සැබෑ ලෙසම වැදගත් නම් මහාචාර්යවරයාගේ අධ්‍යාපන ඉතිහාසයට ගොස්, ඔබ බ්‍රිතාන්‍යයේ සසෙක්ස් සරසවියට ගොස් Ph.D එක ගත්තේ මන්දැයි යන ප්‍රශනය ඇසිමට යන්තම් අවසරයක් තිබේ. නමුත් එසේවත් නොකර, මහාචාර්යතුමාගේ දරුවන් ඉලක්ක කරගෙන එම ප්‍රශ්නය ගෙනහැර පෑමෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අඩුවක් නොව, මේ ප්‍රශ්නය අසන්නාගේ පහත් මනෝභාවය අපට විදහා දක්වා ඇත. 
.අපට මේ පැනය දරුවකුට එරෙහිව නරුමයකු අසන හිරිකිත පැනයක් වුවද, මේ ප්‍රශ්නය අසන මිනිසාගේ මනසට අනුව, මහාචාර්ය නලින්ද සිල්වා මහතාට එරෙහිව ඔහු ඉස්මතු කරන්නේ ඉතා අගනා පැනයකි. ඔහු මේ පැනයට පිලිතුරක් අපේක්ෂා කරයි. ඒ සම්බන්ධවව අප මනස දකින්නේ මොනවාද? ඒවාට පිලිතුරු කුමක්ද? ඔහු අපේක්ෂා කරයි.
පියෙක් යනු කවරෙක්ද? පියා හා දරුවන් අතර අන්තර් සම්බන්ධතාවයන් කුමක්ද? තම දරුවන් නොසලකා හැර කටයුතු කරන පියවරුන් සිටින රටේ, ඒ පියවරුන්ට සැබෑ ලෙසමම රට හා රටේ දේශපාලනය සම්බන්ධව කථා කිරීමට වරම් නැත. ඒ තමන් සතු මූලිකම වගකීම වන තම දරුවන්ව ගෞරවණීය ආකාරයට ආරක්ෂාව හා රැක බලාගැනීම ඉටු නොකිරීම හරහා මේ රටේ විනාශයට හේතුවන පරම්පරාවන් ඇතිවන තත්වයන් රටතුල ගොඩනංවන බැවිණී. නමුත් මහාචාර්ය නලින්ද සිල්වා මහතා පියෙක් වශයෙන් සිය දරුවන්ට සලකා ඇති බව මේ නව ප්‍රාඥයා ගෙනහැර පාන්නේ ඔහුගේ ප්‍රශ්නය තුලින්මය. එතනින් නොනැවතී මේ ප්‍රාඥයා පිරිවෙන් අධ්‍යාපනය ඉතා පහල තලයකට ඇද දමන්නේද? මේ ප්‍රශනය තුලින්ම වේ. 
පියෙක් සිය දරුවන්ට විදේශීය අධ්‍යාපනය ලබාදීමට යොමුවීමට හේතුවෙන කරුණු කාරනා නිර්මාණය කරන්නේ එම පියා විසින් නොව, පවතින සමාජ රටාවය.
මේ රටේ ඇත්තේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීමට සුදුසු දරුවන් දස දහස් ගනනකට ඒ වරම් අහිමි වෙනන සමාජ රටාවකි. ඒ රටාව මහාචාර්ය නලින් ද සිල්වා මහතාවවත් නූතන ප්‍රාඥයානන්වත් නිර්මාණය කල සමාජ රටාවක්ද නොවේ. එය අපට පාලන රටාවේ කලාව විසින් උරුම කර දෙන ලද්දක් වන අතර, එය ඉතා සරල ආකාරයට විසදිය හැකි සමාජ ප්‍රශ්නයක් වුවද, මෙරට දරුවන්ගේ කුමන හේතුවක් මත හෝ මෙරට කිසිදු පාලකයකු මෙම කටයුත්ත විසදීමට ඉදිරිපත් නොවේ. ඒ හේතුවෙන් අතරමං වෙන සිසු, සිසුවියන්ගෙන් ඇති හැකි අයගේ දෙමව් පියන්වරුරු ලෝකය පුරා විසිරී පැතිරී තිබෙන විශ්ව විද්‍යාල 19,302න් එකක අධ්‍යාපනය සිය දරුවාට ලබාදීම උත්සහ කිරීමට සිදුවේ. මෙය ඉතා හොද කටයුත්තක් වන්නේ, දරුවාගේ කාලය සීමිත බැවින් එම කාලය තුලදීම සිය දරුවාගේ අධධ්‍යාපනය ලබාදීමට දෙමව්පියන් වෙර දරන බැවිණී. එම කාර්යය පියකු හා මෙරට සිටින උගතෙකු වෙන නලීන් ද සිල්වා මහතා ඉටු නොකරන්නේ නම් ඔහුගේ දෑතට දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපනය භාරරදිය නොහැක. ප්‍රශ්නය වන්නේ නව ප්‍රාඥයා කරුණු දක්වන ආකාරයට Appuhami’s sonට සිදුවෙන අසාධාරණය සම්බන්ධවය. නලින් ද සිල්වා මහතාගේ දරුවන්ට මෙරට විශ්ව විද්‍යාල වරම් ලැබී ඇති මොහොතක නලින්ද සිල්වා මහතා සිය දරුවන්ව වෙනත් රටක අධ්‍යාපනය ලබාදීම සදහා විදේශ ගත කරන්නේ නම් ඒ පුරප්පාඩුව Appuhami’s sonට ලබාදීමට හැකියාව ලැබුනද සමහරවිට එය Appuhami’s sonන් ට නොලැබී Haramanis’ son ට හිමිවිය හැක. එවිට එවිට ඇතිවන්නේද බරපතල ප්‍රශ්නයක් බැවින් එම අර්බූදය විසදීම සදහා බලකිරිමේ කාර්යාවලියක් මහාචාර්ය නලින ද සිල්වා මහතාටට ආරම්භ කල හැකියාවක් ඇතිකෙනකු වෙන අතර, සමත් වෙන සියළුම සිසුන්ට සරසවි වරම් ලබාදීමේ ක්‍රමවේදයකට අවතීර්ණ විය යුතුය. මෙය කල හැකි කාර්යයක් වන්නා සේම කලයුතු කාර්යයක්ද වේ.
වැඩිදුරටත් කරුණු ගෙනහැර දක්වන නුතන ප්‍රාඥයා

 He refused the scientific methodology bringing Divinity to prove scientific research and now the local and foreign scholars are laughing at the University of Kelaniya. The Kelaniya University has become a laughingstock in the academic world thanks to Nalin.

මේ ප්‍රකාශය තුලින් ඉතාම පැහැදිලිව මහාචාර්ය නලින් ද සිල්වා මහතා නිවැරදි කාර්ය ඉටු කර ඇති බව ගම්‍ය වුවද, නව ප්‍රාඥයාට ඒ බවක් නොවැටහේ. මේ නව ප්‍රාඥයා මහාචාර්න නලින් ද සිල්වා මහතාට අභියෝග කරනුයේ, ඉතා ඉහල මට්ටමේ ඉලෙක්ට්‍රොනික් තරාදියක් ගෙන එය බාවිත කරමින් ලෙඩකුගේ උණ බලන්න එනනැයි, කියන ප්‍රකාශයයි. මේ සංසිද්ධිය දකින විශ්ව විද්‍යාලයීය පරම්පරාව තුල සිනාවක් ජනිතවීම අරුමයක් නොවේ. එම සිනහව කාව ඉලක්ක කරගෙන පහල වූවක්දැයි වටහා ගැනීමට ඔහුට නොහැක, ඒ ඔහුගේ ඉලක්කය එක පුද්ගලයකු හඹා යෑමේ පටු සීමාව තුල සිරව ඇති බැවිණි.

ඉංජිනේරු තාක්ෂණවේදී උපාධිය සහ විද්‍යාවේදී ඉංජිනේරු උපාධිය

විවෘත විශ්ව විද්යාලයේ  ඉංජිනේරු තාක්ෂණ  පීඨයේ ඉතිහාසය
ආචාර්ය නිස්ශංක විජේරත්න මහතා උසස් අධ්‍යාපන ඇමති වශයෙන් සිටි කාලයේදී 1978 අංක 16 දරන පනත යටතේ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්යාලය පිහිටුවන ලදී.මෙය පිහිටුවීමේ මූලික අරමුන වශයෙන් ඒ මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කලේ වයස රැකියාව ,ස්ත්‍රී පුරුෂ බව,ජාති කුල මල භේදයකින් තොරව සියලු දෙනාට උසස් අධ්‍යාපනලැබීමේ අවස්ථාව සමසේ හිමිවිය යුතු බවයි.ඒ අනුව දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යටතේ පලමු මට්ටමේ සිට පශ්චාත් උපාධියක් දක්වා අධ්‍යාපනය ලැබීමේ අවස්තාව ශ්‍රී ලංකාවේ ජනතාවට අවස්තාව උදාවිය. ආරම්භයේ පැවති කලමනාකරන විද්යා හා තාක්ෂණ අංශය 1988 දී ඉංජිනේරු තාක්ශණ පීඨය වශයෙන් වෙනස් කරන ලදී.මුලින්ම ආරම්භ වූයේ තාක්ෂණවේදී ඉංජිනේරු ඩිප්ලෝමාව ය.ඉන් වසර කීපයකට පසු තාක්ෂනවේදී ඉංජිනේරු උපාධිය හදුන්වාදෙන ලදී.2003 දී පීඨය මගින් සියලු පාඨමාලා සදහා නව විෂය නිර්දේෂයක් හදුන්වා දෙන ලදී.ඒ යටතේ ප්‍රධාන වශයෙන් අධ්‍යයන වැඩසටහන් දෙකක් යටතේ උපාධිය පිරිනමන ලදී.

1.     තාක්ශණවේදී ඉංජිනේරු උපාධිය

2.     කර්මාන්ත අධ්‍යයන උපාධිය  
   
    උපාධියේ නම වෙනස් කිරීමට හේතු වශයෙන් පරිපාලනය ගෙන හැර දක්වන කරුනු
 
විවෘතයෙ ආදි ශිශ්‍යයන්, ආචාර්ය මන්ඩලය,විශ්ව විද්‍යාල කවුන්සිලය නියෝජනය කරන IESL නියෝජිතයන් ආදීන්  තාක්ෂණවේදී ඉංජිනේරු උපාධියේ නම වෙනස් කල යුතු බවට යෝජනාවක් කරන ලදී,ඒ සදහා පහත කරුනු හේතු වූ බව පෙන්වා දෙන්වා ලදී.

 1.) ශ්‍රී ලංකාවේ ඉංජිනේරු උපාධි පිරිනමන මොරටුව පේරාදෙනිය රුහුන යන විශ්ව විද්‍යාල මගින් පිරිනමන්නේ BACHELOR OF SCIENCE OF ENGINEERING උපාධිය නිසා අපගේ BACHELOR OF TECHNOLOGY(ENGINEERING) උපාධියට නමේ වෙනස හේතුකොටගෙන බොහොවිට කුඩම්මාගේ සැලකිලි ලැබීම.

2.)අන්තර්ජාතික වශයෙන් තාක්ෂණවේදී ඉංජිනේරු උපාධි බොහොමයක් අවුරුදු 3 කට සීමාවන අතර වෘතීමය ඉංජිනේරු සුදුසු කමක් ලෙසටද පිලි නොගන්නා බවයි.එම නිසා වොශින්ටන් සම්මුතිය
(WASHINGTON ACCORD) අනුව අන්තර්ජාතික පිලිගැනීමක් අපට නොලැබීම.

3.)අලුතින් පිහිටුවන ලද UNIVOTEC ආයතනයද අවුරුදු 3 තාක්ශනවේදී උපාධියක් පිරි නමන අතර ඒ උපාධිය හා අප උපාධිය අතර පැහැදිලි වෙනසක් අවශ්‍යය වීම.

4.)ශ්‍රී ලංකා ප්‍රමිති කරන රාමුව අනුව තාක්ෂණවේදී  උපාධිය අයත් වන්නේ 5 වන මට්ටමේ  සාමාන්‍යය උපාධියක් වශයෙනි


5.)2011 ජූනි  ප්‍රකාශනයට පත් කරන ලද ශ්‍රී ලංකා ප්‍රමිති කරන රාමුවට අනුව තාක්ෂණවේදී ඉංජිනේරු උපාධිය සදහා විධිමත් අර්ථ නිරූපනයක් ඉදිරිපත් කර නොමැත.

 ඒ සියල්ලටම පිලියමක් වශයෙන් පහත විසදුමට එළැබීමට ජේෂ්ඨ උපදේශක කමිටුව තීරනය කෙරුනි.